BREAKING NEWSEXCLUSIVE

පුශ්පිකාගේ රූ රැජිණ කිරුළ ගැලවෙයි..

ශ්‍රී ලංකා විවාහක රෑ රැජින ලෙස කිරුළු පැලඳී පුශපිකා ද සිල්වාගේ කිරුල වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රි ලංකා විවාහක රෑ රැජින සංවිධාන කමිටුව විසින් පියවර ගෙන තිබෙනවා.

ලෝක විවාහක රෑ රැජින තරගාවලිය වෙනුවෙන් දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන තම සංවිධානයට පැවරී ඇති බලතල ප්‍රකාරව පුෂ්පිකාද සිල්වාගෙන් එම කිරුල අද (08) සිට ගැලවෙන බවත් මින් ඉදිරියට ඇයට දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ එම පදවි තානාන්තරය භාවිතා කිරීම සපුරා තහනම් බව එම කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ඒ අනූව තරගයේ දෙවන ස්ථානය දිනාගත් තරගකාරිනියට ශ්‍රීලංකා විවාහක රූ රැජින-2021 කිරුල හිමි වනවා.

අදාල නිවේදනය නිකුත් කරමින් චන්දිමාල් ජයසිංහ මහතා තව කියා සිටියේ 2021 වසරේ මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් වර්ල්ඩ් තරගයේ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය සම්බන්ධයෙන් ඇති වූ මෑත කාලීන ආන්දෝලනාත්මක තත්ත්වය ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිය නාමයට හානි පැමිණවීමට සමත් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button