BREAKING NEWSEXCLUSIVE

විදුලි උත්පාදනයට IOCයෙන් ඉන්දන..

ලංකා අයිඕසී සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6,000ක් මිල දී ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

මේ ඩීසල් තොගය අත්‍යවශ්‍ය සේවා සහ විදුලි උත්පාදනය සඳහා යොදා ගන්නා බව බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන නෞකාවක් අද (31) දිනයේදී මෙරටට පැමිණිමට නියමිතය.

එතෙක් අත්‍යවශ්‍ය සේවා සහ විදුලි උත්පාදනය සඳහා මේ ඩීසල් තොගය මිලදී ගැනීමට තීරණය කළ බව ද ඇමැතිවරයා කීවේය.

ඩීසල් මිල දී ගැනීම සඳහා අද (31) දිනයේත් පෝලිම්වල ‍රැඳී නොසිටින ලෙස ද, හෙට (1) සිට සුපුරුදු පරිදි ඩීසල් බෙදා හැරීම කරන බව ද ගාමිණී ලොකුගේ ඇමැතිවරයා වැඩි දුරටත් කීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button