BREAKING NEWSEXCLUSIVE

වහාම රාජ්‍ය සේවකයන් 50%කින් අඩු කල යුතුයි- ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ උප සභාපති

රාජ්‍ය සේවයේ අධි අතිරික්තයක් ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ උප සභාපති රංජිත් ආරියරත්න පවසනවා.

ඔහු පවසා තිබෙන්නේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් පසුව ඔවුන්ට ලබාදෙන වැඩ ගැන සොයා බැලීම සිදුකරන බවයි.

රාජ්‍ය සේවයේ බදවාගැනීම් කළ යුත්තේ ආයතනයේ තියෙන රැකියා ස්වභාවය අනුව.. ඒකට තමයි අපි කියන්නේ මානව සම්පත් කළමනාකාරණය. රජයට හිතුනු වෙලාවට උපාධිධාරින් පිරිසක් උද්ඝෝෂනය කළොත්ඔ වුන්ට රැකියා දෙනවා. රාජ්‍ය සේවකයන් බදවාගෙන තමයි ඒ අයව කොහෙටද දාන්නේ කියලා තීරණය කරන්නේ.. මේක අවාසනාවන්ත සිද්ධියක්.
ඒ මහතා වැඩිදුරටත් පළ කළ අදහස් පහතින්.

මිලියන 1.5 ක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා. මම හිතනවා අවම වශයෙන් තුනෙන් එකකින් මේ වැඩ කරගන්න පුළුවන්. අවම වශයෙන් 50%කින් කරන්න පුළුවන්. ග්‍රාම නිලධාරී කරගෙන ආපු වැඩේ කරන්න තුන් හතර දෙනෙක් පත් කරලා තියෙනවා. මේ අයට කීයක්හරි දීලා ගෙදර ඉන්න කිව්වනම් හොඳයි. නැත්නම් මේ අයට විශ්‍රාම වැටුපක් ගෙවන්න වෙනවා. මේ ප්‍රමාණය අඩු කළ යුතුයි. සේවයට එන වෙලාවේ ලැබුණු පුහුණුව හැර අවුරුදු 22 කින් පුහුණුව ලබපු නැති නිලධාරීන් ඉන්නවා. කෙහොමද ඉතිං රාජ්‍ය සේවය අරන් යන්නේ. මේක නරක තත්ත්වයක්. නිලධාරීන්ගේ සංඛ්‍යාව වහාම අඩුකළ යුතු වෙනවා. මේක අත්‍යවශ්‍යයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button