BREAKING NEWSEXCLUSIVE

“නොමිලයේ හොටෙල් පහසුකම්, තනි ඒසි කාමර, තරු පන්තියේ ආහාර දියවු” කොරියාවේ සිට පැමිණි තරුණයන් විරෝධතා!

තමන්ට නැවතී සිටීම සදහා හෝටල් කාමර, වායුසමීකරණ සහ තරු පන්තියේ ආහාර අවශ්‍ය බව සඳහන් කරමින් ඊයේ දිනයේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රදවන ලද තරුණ පිරිසක් කලහාකාරි ලෙස හැසිරී තිබේ.

කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි 138ක් දෙනෙකු කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානය රඳවා සිටී.

මෙම පිරිස් අමතරව සැප පහසුකම් ඉල්ලා එහි යොදවා සිටින හමුදා නිලධාරීන් දැඩි අසීරුතාවකට පත් වූ පත්කිරීමට කටයුතු කර ඇත.

තමන් කොරියාවේ සේවය කළ බවත්, එහිදී සිය කර්මාන්තශාලා වලින් ලබා දුන් කාමර වායුසමණය කළ කාමර වූ බවද, ලබා දුන් ආහාරද ඉතා මිල අධික ආහාරද කියමින්, එවැනි පහසුකම් තමනට මෙහිදීද සපයා දෙන්නයි ඔවුන් ඉල්ලා සිටි බවද වාර්තා කළේය.

දකුණු කොරියාවේ කම්කරුවන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් පිරිස මෙලෙසට ශ්‍රී ලංකාවට පැමිණියේ ඊයේ දිනයේ වන අතර, ඔවුන් ඊයේ දිනයේම නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කෙරුනා.

කෙසේ වෙතත් මෙලෙසට කලහකාරී ලෙස හැසිරුනේ ඉතා සුලු පිරිසක් බවත්, බහුතරයක් දෙනා එම වැඩපිළිවෙලට සහය ලබා දෙන බවත් එම නිරෝධායන මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button