දුරකථනයේ සල්ලි රහසේම කපන ප්රචාරක එස්.එම්.එස් පණිවිඩ තහනම් කිරීමට රජයෙන් තීරණයක්

මෙරට ජංගම දුරකථන පාරිශීලකයන්ට දිගින් දිගටම ලැබෙනා ඉල්ලුම් නොකළ ප්රවර්ධක කෙටි පණිවුඩ නතර කිරීම හෝ ඒ සඳහා මුදල් අය නොවන විකල්ප ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම ජංගම දුරකථන සමාගම්වලට දැනුම් දී තිබෙනවා.
කොමිසම විසින් මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ අනවශ්‍ය බාධා කිරීම් සහ මුදල් අයකිරීම් සිදුවන වෙළෙඳ ප්රචාරක දැන්වීම් සහිත කෙටි පණිවුඩ අනුමැතියකින් තොරව ලැබෙන බවට දිගින් දිගටම පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුවයි.
ජංගම දුරකථන පාරිභෝගිකයන් වෙත වෙළෙඳ සමාගම්වලින් හා ණයවර පත් (Credit Card) නිකුත් කරන බැංකු සහ මූල්‍ය ආයතනවලින් නිරන්තරයෙන්ම ප්‍රවර්ධන කෙටි පණිවුඩ ලැබෙන අතර, ඉන් බොහෝ පණිවුඩ ග්රාහකයාගේ අනුමැතියකින් තොරව ලැබෙන ඒවායි.
තවද පාරිභෝගිකයාගේ කිසිඳු අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක කරනා විවිධ සේවා සඳ0හා සේවා සමාගම් පාරිභෝගිකයන්ගේ මුදල් කපා ගන්නා අතර එවැනි ක්‍රියාද නවතන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව උපදෙස් දී තිබේ.
ඇතැම් මෙම පණිවුඩ වැළැක්වීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ලබාදුන් නියෝගයට සියලුම ජංගම දුරකථන සමාගම් සිය කැමැත්ත දක්වා ඇතැයිද කොමිසම සඳහන් කළා.