BREAKING NEWSEXCLUSIVEPOLITICS

මෙවර අයවැය මහජන හිතවාදී අයවැයක් – ප්‍රසන්න රණතුංග

කොවිඩ් වසංගතය හමුවේ පසුපසට ගිය රට ක්‍රමවත් ව ඉදිරියට ගැනීමේ අභිප්‍රායෙන් යුතු ව, ඉතා විධිමත් ව හා ජනතාවාදී ලෙස ඉදිරිපත් කළ අයවැයක් ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙවර අයවැය පිළිබඳ අදහස් දක්වනවා.

කොවිඩ් තත්ත්වයෙන් අත්මිදී යළි හිස එසවීමට හැකි වෙන පරිදි කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් මෙවර අයවැය හරහා ඉදිරිපත් කර ඇති බවයි ඔහු පවසන්නේ.

ඊයේ මිනුවන්ගොඩ උඩුගම්පොළ දී පැවති මිනුවන්ගොඩ ප්‍රදේශීය සභාවේ හා නගර සභාවේ මන්ත්‍රීවරු අතර පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා.

මහජනයාගේ කර මතට කිසිඳු බරක් නො පටවා ඉදිරිපත් කළ මෙම අයවැය, බැසිල් රාජපක්ෂ සිය මංගල අයවැය වශයෙන් ඉදිරිපත් කළ අතිසාර්ථක අයවැයක් ලෙසටයි ඔහු සඳහන් කරන්නේ.

යහපාලන ආණ්ඩුව විසින් පසුපසට දැමූ ආර්ථිකය කොවිඩ් වසංගතය හරහා තවදුරටත් අර්බුධයකට ලක් වූ බව පවසන අමාත්‍යවරයා, ඉන් මිදී ජනතාවට යහපත් ආර්ථික මට්ටමක් ළඟා කර දීම ආණ්ඩුවේ අපේක්ෂාව බව සඳහන් කළා.

වසර 24ක් පුරා පැවති ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට සාර්ථක පිළිතුරක් දීමට තම ආණ්ඩුවට හැකියාව ලැබුණු බව පැවසූ අමාත්‍යවරයා, එය සෞභාග්‍යයේ දැක්මෙන් ම පොරොන්දු වූවක් බව ප්‍රකාශ කරනවා.

රට හදන්න නම් කැපවීම අප විසින් මුලින් ම සිදු කළ යුතු බව තම ආණ්ඩුවේ ස්ථාවරය බවට යි අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් අදහස් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button