දැරියට අතවර කරනා ප්‍රියාන් මැණික්ගේ වීඩියෝව පිළිබඳ පියුමි හංසමාලිගෙන් සී.අයි.ඩීයට ප්‍රකාශයක්

කුඩා දැරියකට අතවර කරනා වීඩියෝවක් පසුගිය දිනවල සමාජජාල මාධ්‍යයන්ගේ හුවමාරු වුනා.
මෙම වීඩියෝවේ සිටියේ සමාජජාලා මාධ්‍යයන්ගේ ප්‍රකට පුද්ගලයෙකු වන ප්‍රියංග පුෂ්පකුමාර නොහොත් ප්‍රියාන් මැණික් නම් පුද්ගලයා බවට කාන්තා සංවිධාන කිහිපයක් පසුගිය දිනවල පැමිණිලි කළා.
එම වීඩියෝව සමාජජාලා මාධ්‍යයන්ට එක්කර තිබුනේ, ප්‍රියාන් මැණික්ගේ ළමා අපචාර වීඩියෝවක් තමන් සතුව තිබෙනවා යැයි කියූ පියුමි හංසමාලි විසින් බවයි එහිදී කියවුනේ.
එම තොරතුරු හෙළිවීමත් සමග මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පියවරක් ඉදිරියට ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
ඒත් සමග අදාල වීඩියෝව ගැන ප්‍රසිද්ධ රංගන ශිල්පිනි පියුමි හංසමාලිගෙන්ගෙන් මේ වන විටත් ප්‍රකාශයක් ලබාගෙන ඇත. එම නිරූපණ ශිල්පිනිය ඒ ගැන තවදුරටත් තොරතුරු ලබා දීමට සූදානමින් සිටී.
මැණික් ව්‍යාපාරික ප්‍රියංග පුෂ්පකුමාරට චෝදනා එල්ල වී ඇති අපචාර සිදුවීමක් ගැන මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.