BREAKING NEWSEXCLUSIVE

පුද්ගලික රෝහල් වාර්තා කළ වැඩිම ලාභය මැයි මාසයේදී – ලොක් ඩවුන් සමයේ ලාභ ලැබූ එකම ව්‍යාපාරයලු

මේ වසරේ මෙතෙක් පැවැති මාස පහ තුල පුද්ගලික රෝහල් වැඩිම ලාභයක් ඉපැයූ මාසය ලෙස මැයි මාසය වාර්තා වෙනවා. මේ අනුව නවලෝක, හේමාස්, ඩර්ඩ්න්ස්, ලංකා හොස්පිට්ල්ස්, ආසිරි ඇතුලු රෝහල් ජාල මෙලෙසට ලාභ ලබා තිබෙන බවයි වාර්තා වන්නේ..

මෙයට හේතුව වන්නේ රට ලොක් ඩවුන් කර තිබීම හේතුවෙන් පුද්ගලික රෝහල් සිය සේවා ගාස්තු වැඩි කිරීමත්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගැනීමත්ය. තවද කොළඹ සහ නාගරික ප්‍රදේශ වල ජනතාව ලොක් ඩවුන් සමයේ රජයේ රෝහල් වලට වඩා පුද්ගලික රෝහල් කරා යොමුවීමත් මෙයට හේතුවක් වී තිබෙනවා.

ඒ ලැබූ ලාභය හේතුවෙන් මේ සමයේ පුද්ගලික රෝහල් විසින් වෛද්‍යවරුන්ට ගෙවූ සේවා වැටුප්ද 40%කින් පමණ වැඩි වී තිබෙන බවත් වාර්තා වෙනවා.

සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක් නිසා වෛද්‍යවරුන්ට පුද්ගලික රෝහල් වල චැනලිං සේවා පවත්වාගෙන යාමට කිසිඳු බාධාවක් නැහැ. කෙසේ වෙතත් වෙළදපොළ වාර්තා පෙන්වා දෙන්නේ පුද්ගලික සෞඛ්‍ය ව්‍යාපාරය මෙලෙසට ලාභ ඉපැයූවත් වෙනත් ව්‍යාපාර බොහෝමයක් සංචරණ කාල සීමාවේ පාඩු ලබා ඇති බවත්, රැකියා දෙලක්ෂයක් පමණ අහිමි වීමේ ඉඩක් මතුව ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button