BREAKING NEWSEXCLUSIVE

සදුදා සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වෙයි??

බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් ලබන සදුදා (6) සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී කියා සිටියා.

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම නිසා මෙම තීරණය ගන්නා බවත් ඔහු සඳහන් කර සිටියා.

බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රැදී සිටීමට සිදුවන බවත්
ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දෙන බව ප්‍රකාශ කළත් ඒ සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනූව මගී බස් රථ සඳහා මේ සතිය තුළ ඩීසල් ලබාදීමට ප්‍රමුඛත්වයක් ලබා නොදුනහොත් සදුදා සිට බස් රථ ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවයි ඔහු පවසන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button