BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

තෙල් ප්‍රශ්නය ගැන අගමැති මහින්ද කතා කරයි..!

රට තුළ ඉන්ධන අර්බුදයක් නොතිබූ අවස්ථාවක එවැනි අර්බුදයක් නිර්මාණය වුයේ දේශපාලන අවබෝධයක් නොමැති අය සිදුකළ විවිධ ප්‍රකාශ නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා.

ඒ කුරුණෑගල නාරම්මල මහජන පුස්තකාලය සහිත ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම සදහා අද එක්වෙමිනි.

එම උත්සවයෙන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

“නැව්වලින් තෙල් බාන්න විතරයි තිබ්බේ. යම් යම් වැරදි ප්‍රකාශ නිසා මිනිස්සු කලබල වුණා. ඒ නිසයි මිනිස්සුන්ගෙන් පෝලිම් හැදුනේ. දේශපාලන අවබෝධයක් නොමැති අය කළ දේවල්. ඒ තත්ත්වය අද වෙනස් වෙලා. ජනපති පැහැදිලිව අදහස් දක්වමින් රට සංවර්ධනය කරන්න කටයුතු කරනවා.”

එම උත්සවයට එක්වෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ආණ්ඩුව තුළ සිටිමින් විපක්ෂයේ කාර්යභාරය සිදුකරන පුද්ගලයින් ඉන් ඉවත් කිරීම අනිවාර්යෙන් සිදුවිය යුතු බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button