BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී..!

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගැනීමට අද (10) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා.
පළමුව අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසා බැලු ඒ මහතා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ බැහැ දැකීමටද අමතක කලේ නැහැ.
පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේගේ සුව දුක් විමසා බලා උන්වහන්සේ සමඟ සුහද කතාබහක ද නිරත වු අග්‍රාමාත්‍ය වරයා සමගින් මෙම ආගමික වතාවත් සඳහා උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා ඇතුළු කිහිප දෙනෙක් ද එක්ව සිටියා.