BREAKING NEWSEXCLUSIVE

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට ?

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සියලු බේකරි නිෂ්පාදන මිල ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ මේ වන විටත් ඇතැම් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇති බවය.

ඉන්ධන මිල මෙන්ම බේකරි නිෂ්පාදනයට අවශ්‍ය සෙසු අමුද්‍රව්‍යවල මිලද මේ වන විට ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වාදෙයි.

විශේෂයෙන් තිරිඟු පිටි මිල ඉදිරියේ දී ඉහළ යනු ඇති බව එන්.කේ ජයවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button