BREAKING NEWSEXCLUSIVE
යලි වැඩි වුන ඉන්දන මිල..

පසුගිය මාසයක කාලය තුළ රුපියල සියයට 60ක වඩා අවප්‍රමාණය වීම සැලකිල්ලට ගෙන ලංකා IOC සමාගම ඊයේ(17)මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ලංකා IOC සමාගම විසින් මාර්තු මස 26 වන දින ද මිල සංශෝධනයක් සිදුකළ අතර එහිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49කින් ඉහළ දැමුණි.
අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමුණු මිල ගණන්වලට අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338ක් වෙයි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 367ක් වන අතර ඉයුරෝ ත්‍රී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 347ක් ලෙස සැලකේ.
ඊට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 327ක් වෙයි.