BREAKING NEWSEXCLUSIVE

නීතිඥවරියෙක් ලෙස බුකියේ පෙනී සිටිමින් ගේම් ගහලා – ෆේස්බුක් හෝර නොතාරිස්ලාගෙන් ප්‍රවේශම් වන්නැයි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ශිෂ්‍යාවක් හා නීතිඥවරියක් ලෙස ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ පෙනිසිටිමින් පුද්ගලයන්ට තර්ජනය කළ කාන්තාවක් පිළිබඳ වාර්තා වේ.

චාන්යා හේරත් නමින් ෆේස්බුක් වෙබ් අඩවියේ පෙනී සිටිනා මෙම කාන්තාව සිය ෆේස්බුක් ගිණුමේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යාවක් බව සඳහන් කර තිබෙනා අතර ඇය නීතිඥවරියක් බවද සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇය සත්‍ යවශයෙන්ම නීතිඥවරියක් හෝ, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුවියක් නොවන බවත් සමාජජාලා මාධ්‍යයන්ගේ නීතිඥවරියක් ලෙස පෙනී සිටිනා කාන්තාවක් බව වාර්තා වේ. මේ බව තහවුරු කරන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා ශ්‍රී ලංකා නීති විද්‍යාල‍ය විසින්ය.

එලෙසට නීතිඥවරියක් ලෙස පෙනී සිටිමින් මෙම කාන්තාව ෆේස්බුක් වෙබ් අඩවියේ පුද්ගලයන් බිය ගැන්වීම, තර්ජනය කිරීම් දිගින් දිගටම සිදු කර තිබේ.

මෙම තත්ත්වය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද අවදානයට යොමුව තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයෙක් Lanka Mag වෙත පැවසූවේ එම කාන්තාව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අද්‍යාපනය ලැබූ නීති සිසුවියක් හෝ පිළිගත් නීතිඥවරයෙකු හෝ නොවන බැවින්, ඇය විසින් පල කරන කිසිදු දැන්වීමක වගකීම ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් විසින් බර ගන්නේ නොමැති බවයි.

තවද මෙලෙසට නීතිවඥවරියක් ලෙස පෙනී සිටීමින් මහජනතාව රැවටීම පිළිබඳ ඇයට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සුදානමින් සිටිනා බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ෆේස්බුක් වැනි සමාජජාලා වල මෙවැනි ව්‍යාජ නීතිඥයන් ලෙසින් පෙනී සිටිනා පුද්ගලයන් සිටිනා බවත්, ඔවුන්ගෙන් ප්‍රවේශම් වන ලෙසටත්, සෑම විටම නීතිඥවරයෙක්, ලියාපදිංචි වී ඇත්දැයි ලිඛිත සාක්ෂි ඔස්සේ සොයා බලන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහජනතාවට අවවාද කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් එම ප්‍රකාශකයා පවසා සිටියා.

නීතිඥවරියක් හා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුවියක් ලෙස පෙනි සිටිනා ව්‍යාජ කාන්තාවගේ ගිණුම

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button