BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනපතිගේ සැළසුම් සාර්ථක වන ලකුණු – නැවුම් දේශීය ආහාර ද්‍රව්‍ය අපනයන‍ය කීරීමේ වැඩපිළිවෙලත් ක්‍රියාවට නැන්වේ!

දේශීය එළවළු හා පළතුරු වර්ග පිටරට යැවීමේ විශේෂ  වැඩපිළිවෙලක් මේ වන විට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොල හරහා ආරම්භ කර ඇති බවත් ඒ අනුව ප්‍රථම දේශීය එළවළු හා පළතුරු තොගය රැගත් ගුවන් යානය අද (16) අලුයම ඕමානයේ මස්කට් නුවර බලා පියාසර කල බව මත්තල රාජපක්ෂ ගුවන් කොටු පොලේ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය.

කිලෝ 3371ක් වු මෙරට වගා කල එළවළු හා පළතුරු සලාම් එයා(ර්) ගුවන් සේවයට අයත් OV 1432 දරණ ගුවන් යානයෙන් කිලෝ 3371ක මෙම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහණය කෙරිණ.

අදාල ගුවන් යානය ඊයේ (15) දෝහා කටාර් හා ඕමානයේ රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 150 දෙනෙකු රැගෙන මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලට පැමිණි තිබේ.

මෙහිදී සළාම් එයා ගුවන් සේවයේ සහකාර ගුවන් තොටුපොළ කළමණාකරු රවී ද සිල්වා මෙලෙස පැවසිය.

‘අපි පළමු වතාවට තමයි මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලට පැමිණියේ. ඇත්තටම මෙහි තියෙන පහසුකම් පිළිබදව අපි ගොඩක් සතුටු වෙනවා.

අද අපි පළමු වරට ශ්‍රි  ලංකාවේ නිශ්පාදිත එළවළු හා පළතුරු තොගයක් ඕමානය බලා රැගෙන යනවා.

ඉදිරියේදීත් අපි මේ විදියට ශ්‍රි ලාංකික එළවළු හා පළතුරු විවිධ රටවල් කරා රැගෙන යාමේ විශේෂ වැඩසටහනක් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොල මුලික කරගෙන ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වෙනවා’

මත්තල ඩී එන් ජයසේකර

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button