GOSSIP NEWSVIRAL NEWS
ජනපති ගෝඨා රාජ්ය සේවය පිළිබඳ අවදානයෙන් – හොර රහසේ රාජ්ය ආයතන වලට පැමිණ කරුණු සොයයි.!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රහසිගතව සිදු කරගෙන යනු ලබන වැඩපිලිවෙලක් පිළිබඳව වාර්තා වේ.
මේ අනුව ජනපතිවරයා කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව රාජ්ය ආයතන වලට පැමිණ එම ආයතන නීරික්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.
එහිදි ජනපතිවරයා එම ආයතන වල දුර්වලතා හා අඩුපාඩු නිරීක්ෂණය කර ඒවා පිළිබඳ ආයතන ප්රධානීන්ගෙන් විමසා දැඩි පියවර ලබා ගනිමින් සිටින බවද වාර්තා වේ.
මෙලෙසට ජනපතිවරයාගේ හදිසි සංචාරයකදී ඇස ගැටුනු කළුබෝවිල රෝහලේ රෝගීන් බැලීමට පැමිණෙන ජනතාව සෙවනක් නොමැතිව දැඩි අව් රශ්මියට නිරාවරණය වීමද ජනපතිවරයාගේ දැඩි විවේචනයට ලක් වූ බව සඳහන්.
පසුගිය දිනක රාත්රියේ ජනපතිවරයා කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව බොරලැස්ගමුව පොලීසියට ගොස් එහි කටයුතු නිරීක්ෂණය කළ බවද වාර්තා වෙනවා.