GOSSIP NEWSVIRAL NEWS
ජනපති සිය ප්‍රථම විදෙස් සංචාරය අරඹයි – ඥාතීන් නොමැති ගමනට රාජ්‍ය නිළධාරීන් පමණයි.!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුල්ම නිල විදේශ සංචාරය ලෙස අද ඉන්දියාව බලා පිටත් වේ. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙසට ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවත් පරිදිය.
මෙම සංචාරය සදහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන රාජ්‍ය නිළධාරීන් ඇතුළු සුළු පිරිසක් පමණක් එක්වෙයි.
මෙම සංචාරයට එක්ව සිටින්නේ රාජ්‍ය නිලධාරීන් පමණක් වන අතර කිසිදු ඇමතිවරයෙක් සම්බන්ධ වී නැත.