BREAKING NEWSPOLITICS
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්ලා පත් නොකෙරේ – ජනාධිපති කාර්යාල හැදුනුම්පත පුද්ගලික වැඩවලට තහනම්

ජනාධිපති කාර්යාලයේ සේවය කරන සියලු නිලධාරින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් නව නීතිරීති මාලාවක් පණවා ඇත.
ඒ අනුව ජනාධිපති කාර්යාලයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පමණක් රාජ්‍ය ලාංඡනය සහිතව හඳුනා දීමේ පත් භාවිතා කිරීමට හැකි අතර ජනාධිපති කාර්යාලය හැඳුනුම්පත කිසිම පුද්ගලික කාර්යයකට භාවිත කිරීම තහනම් කර ඇත.
මෙම පියවර ජනාධිපතිවරයා විසින් ගෙන ඇත්තේ ජනාධිපති කාර්යාලයේ නාමය භාවිතා කරමින් සිදුකරන විවිධ වංචා දූෂණ වැළැක්වීම සඳහායි.
මේ අතර ජනාධිපතිවරයා විසින් තමන් වෙනුවෙන් සම්බන්ධීකරණ ලේකම් කිසිවෙකු පත නොකිරීමටද තීරණය කර තිබේ.