BREAKING NEWSEXCLUSIVE

එක්සත් ජාතින්ගේ සමුළුව සදහා ජනාධිපති ගෝඨාභය ඇමරිකාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සමුළුව සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියා.

ජනාධිපතිවරයා සැසිවාරය ආරම්භ වන දිනයේම එනම් එලැබෙන 21 දා සමුළුව ඇමතීමට නියමිත අතර ,ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව ද මෙය වනවා.

විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පිරිස් ,ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර ,ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග , විදේශ කටයුතු ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිනවා.

ඒ අනූව මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගීවන අඩුම දූත පිරිස මෙය වන අතර, ජනාධිපති බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ද සිය පෞද්ගලික වියදමින් ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සහභාගි වී තිබෙනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button