BREAKING NEWSEXCLUSIVE

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඊයේ ආරම්භ වූ අතර, එය අමතමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ, ඇෆ්ගනිස්ථානයෙන් අමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම කෲර යුද සමයේ අවසානය වන බවයි.

සමාරම්භක සමුලුව ඇමතූ  ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් කොරෝනා එන්නත් ලොව පුරා බෙදා හැරීමේ අසමානතාව පිලිබඳව කරුණු ඉදිරිපත් කළා.

ජගත් සංවිධාන මහා මණ්ඩලයේ අද සැසිවාරය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8 යි 30 ටයි.

බොස්නියා- හර්ෂගොවිනා රාජ්‍යයේ ජනාධිපතිවරයා අද දිනයේ පළමු දේශනය පවත්වන අතර ජෝර්දානයේ  අබ්දුල්ලා රජු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉන් අනතුරුව සමුලුව අමතනු ඇති.

මැඩගස්කර් ජනාධිපතිවරයා සහ ඝානා ජනාධිපතිවරයාගේ දේශන ඉන් අනතුරුව යෙදී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද අද දිනයේ 5 වන දේශකයා ලෙසින් ශ්‍රී ලංකා වේලාවෙන්  රාත්‍රි 9.30 ට පමණ ජගත් සංවිධාන මහ සමුළුව අමතනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button