වසරකට පොල් ගෙඩි මිලියන 800ක් වැඩි කිරීමට ජනපතිගෙන් වැඩපිළිවෙලක්

පොල් පැල ලක්ෂයක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ඒ, හලාවත වැවලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොල, වැලිකැටිය වතුයායේදියි.
මෙම වැඩසටහන යටතේ ගෙඩි මිලියන 2,800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 3,600ක් දක්වා වැඩි කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ. ඒ යටතේ දිවයින පුරා පොල් පැල ලක්ෂ 40ක් සිටුවීමේ මෙම ජාතික වැඩසටහන ආරම්භ කර තිබෙනවා.
පොල් කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය සහ ආශ්‍රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව මෙම වැඩසටහන සංවිධාන කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. පොල් පැල මිලියනයක් සමෘද්ධි ලාභීන්ටත්, මිලියන දෙකක් සහනාධාර යටතේ මිලියනයක් ඕනෑම අයෙකුට මිලදි ගෙන වගා කර හැකි අයුරින් ඉදිරිවසර තුළ පැල ලක්ෂ 40ක් සිටු වීමේ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.
මේ අතර කාබනික පොහොර යොදා ගනිමින් පුරන් කුඹුරු ආශ්රිත “ඇලි වැටි” ක්‍රමයට පොල් වගා කෙරුණු බිමක්ද ජනාධිපතිවරයා නිරීක්ෂණය කර තිබෙනවා. එමෙන්ම පොල් වගාවට යොදා ගත හැකි කාබනික පොහොර නිෂ්පාදන ක්‍රම, යන්ත්‍ර උපකරණ හා විවිධ ක්‍රම උපායන් නිරීක්ෂණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි පිරිස සමග ඔවුන්ගේ නිෂ්පාදන සම්බන්ධයෙන්ද විමසීමක් කළා.