BREAKING NEWSPOLITICS
වැහෙන්න ගිය කඩදාසි කම්හල් ජනපති අණින් යළි ඇරඹෙයි – රටට අවශ්‍ය කඩදාසි රට තුලම නිපදවීමේ සැලසුම්

අමත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබූ සීමාසහිත ජාතික කඩදාසි සමාගම අවසන් කිරීම අවලංගු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය අවසර ලබා දී තිබෙනවා.
වාලච්චේන සහ ඇඹිලිපිටිය කර්මන්තශාලා නැවත ආරම්භ කරන්නට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරනවා.
ඒ අනුව එම සමාගම් ඈවර කිරීමටත්, සේවකයන්ගේ සේවය අවසන් කිරීමට සහ ස්වේච්ඡා විශ්‍රාම වන්දි ක්‍රමයක් සඳහා ලබා දී තිබූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවලංගු කර තිබෙනවා.
ප්‍රතිව්‍යූහගත කිරීමට හැකියාවක් පවතින රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට ප්‍රමුඛත්වය දීමට කර්මාන්ත හා සැපයුම් කළමණාකරන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා.