BREAKING NEWSEXCLUSIVE

සංචාරක ආකර්ෂණය දිනූ බණ්ඩාරවෙළ සුන්දර කරන්න ජනපතිගෙන් නියෝග

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) දිනයේ දියතලාව ප්‍රදේශයට රාජකාරි කටයුත්තක් සඳහා ගොස් සිටියි.

එහිදි සිය සංචාරය අතරතුර බණ්ඩාරවෙල නගරය නිරීක්ෂණය කළ ජනපතිවරයා මාසයක කාලයක් ඇතුලත බණ්ඩාරවෙළ නගරය ක්‍රමවත්ව සහ සුන්දරව ප්‍රතිසංස්කරණය කරන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ එම නගරයේ අක්‍රමවත් සැලසුම්කරනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවදානයට ලක්වීම හේතුවෙන්.

එහිදි බණ්ඩාරවෙළ නගරාධිපතිවරයා මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා ඇමතු ජනපතිවරයා විසින් ඔවුන්ට වහාම ක්‍රියාත්මක වීමට අණ කර තිබේ.

මෙහිදි නිසි පරිදි නිමා නොකළ පදික වේදිකා, මහාමාර්ග, පහන් කනු ආදිය ජනපතිවරයාගේ අවදානයට ලක්ව තිබුනි. අදාල නිළධාරීන් ජනපතිවරයාට අද සිටම නගර සංවර්ධන ඇරඹීමටත්, මසක් ඇතුලත එම කටයුතු අවසන් කිරීමටත් පොරොන්දු වී තිබේ.

බණ්ඩාරවෙළ සැලකෙන්නේ මෙරට වඩාත්ම සංචාරක අවදානයක් දිනූ ගමනාන්තයක් ලෙසිනි. එවැනි නගරයක් අක්‍රමවත්ව පැවතීම මෙරට සංචාරක ක්ෂේත්‍රයටත් දැඩි හානියකි. කෙසේ වෙතත් ජනපතිවරයාගේ මෙම මැදිහත්වීමත් සමග ඉදිරි මාසය ඇතුලත බණ්ඩාරවෙළ නගරය සම්පූර්ණයෙන්ම වෙනස් වී, වඩා සුන්දර නගරයක් බවට පත්වනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

මින්පෙර මෙරට වාණිජ අගනගරය වන කොළඹ නගරයත් ප්‍රතිසංස්කරණය කරමින් ආසියාවේ සුන්දරම නගරයක් ලෙස පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සෘජුව මැදිහත් වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button