BREAKING NEWS

ජනපති විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා මහජන අදහස් විමසන ඩිජිටල් වේදිකාව විවෘත වෙයි

නුතන ලෝකය සමග ගැටීමට අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද මහජනතාවගේ අදහස් ලබාගැනීම සදහා වන “ඩිජිටල් වේදිකාව” දියත් කිරීම පිණිස අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. “නැණසත් මනසත් පොහොසත් කරන පිරිපුන් අධ්‍යාපනයක් කරා” යන්න ඩිජිටල් වේදිකාවේ තේමාවයි.

එය නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් සිදු කෙරුණු අතර අද සිට මාස 3 ක කාලයක් පුරා  egenuma.moe.gov.lk  වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා වන අදහස් හා යෝජනා ඩිජිටල් වේදිකාවට යොමු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button