BREAKING NEWSEXCLUSIVE

“අපිත් රැවටුනා – ලංකාවට හානියක් කිරීමේ අරමුණක් තිබුණේ නෑ” ජනපති හමුවූ ස්විස් තානාපති සමාව අයදියි

ආන්දෝලනාත්මක ශ්‍රියාලතා පෙරේරාගේ සිදුවීමේ සම්පූර්ණ සත්‍යය හෙළිව තිබෙනා මොහොතක ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස්ප්ටර් මොක් ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුනා.

එහිදී ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තානාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට හානියක් කිරීමට ස්විට්සර්ලන්තයේ කිසිදු අභිප්‍රායක් නොතිබූ බවයි. ඇය විසින් සිදු කළ ප්‍රකාශ සත්‍යය යැයි විශ්වාස කිරීම නිසා තමන්ද රැවටුනු බව ජනපතිවරයා හමුවේ ප්‍රකාශ කළ තානාපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් ජනපතිවරයාට කිසියම් සිත් තැවුලක් ඇතිවූයේ නම් ඒ පිළිබඳව සමාව අයදින බවද ප්‍රකාශ කළා.

එසේම ජනාධිපතිවරයා ලැබූ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව තමා සහ තම රජය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් පළ කළ තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා “තමන් සියලු ශ්‍රී ලාංකියන්ගේ ජනපති” යැයි පැවසීම විශේෂයෙන් අගය කරන බවද ප්‍රකාශ කළා.

තවද දෙරටේ යහපත වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරන බවත්, නොසන්සුන්කාරී තත්ත්වයෙන් මිදී කිසියම් අනවබෝධයක් වෙතොත් එය ඉවත් කර ගැනීමට අවශ්‍යය බවත් පෙන්වා දුන් තානාපතිවරයා ශ්‍රී ලංකාව සමග පවත්නා සාම්ප්‍රදායික සබඳතා ශක්තිමත්ව හා අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී ලෙස පැවතීම පිළිබඳව ස්විට්සර්ලන්තය සතුටට පත් වන බවද ප්‍රකාශ කළා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button