BREAKING NEWSEXCLUSIVE
ජාතික වස්තුවක් ලෙස නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා නම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මිය ගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත උපදෙස් ලබාදී තිබෙනවා.නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරැර සංරක්ෂණය කර අනාගත පරපුරට දැක ගැනීමට හැකි අයුරින් තිබීමට අවශ්‍ය බවයි ජනාධිපතිතුමා විසින් දැනුම් දී ඇත්තේ. ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටිගම්පහ, වැලිවේරිය, නැදුන්ගමුව වෙත ගොස් සිටී.