BREAKING NEWSEXCLUSIVE
නිරෝධායන ඇදිරිනීතිය ඉවත් කිරීමට ජනපති උපදෙස්..

දැනට දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා අලුයම 4ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා.
එයට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.
මේ අතර කොවිඩ් – 19 වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා.
අද (29) පැවති මාධ්‍ය හමුවකදී ඇය සදහන් කර සිටියේ යළි කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක්ද ඇති අතරම ඒ හේතුවෙන් අන්තර් පළාත් සංචරණ සීමා විවෘත නොකළ යුතු බවය.