GOSSIP NEWSVIRAL NEWS

විජයදාසට, දයාසිරිට ජනපතිගෙන් ඇමතුම්

හිමිවූ රාජ්‍ය ඇමති තනතුරු පිළිබඳ අසතුටට පත් අමාත්‍යවරුන්ට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකවම දුරකථනයෙන් අමතා ඔවුන්ගේ විෂය කාර්යයන්හි වැදගත්කම අවබෝධ කර දී ඇති බව වාර්තා වේ.

දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්ත, රංජිත් සියඹලාපිටිය, විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඇතුළු කිහිපදෙනකුට ජනපතිවරයා මෙලෙස දුරකථන ඇමතුම් ලබාදුන් බව සඳහන්ය.

විෂය කාර්යයන් නිශ්චිතව දක්වා ඇත්තේ ඒවාට සම්බන්ධ ප්‍රජාවට ද අමාත්‍යංශය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් බවත් එම අමාත්‍යංශවලින් බොහෝ නිර්මාණාත්මක කාර්යයන් ඉටු කළ හැකි බවත් ජනාධිපතිවරයා එම මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

සබැඳි පුවත් :

මීට වඩා හොද අමාත්‍යංශයක් බලාපොරොත්තු වුනා – පරිසර ඇමති මහින්ද අමරවීර

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button