BREAKING NEWSEXCLUSIVE

“මට අවශ්‍ය මගේ පක්ෂයේ මගේ ප්‍රතිපත්ති ඇති මිනිස්සු” ජනපති ගෝඨාභයගෙන් මහජනතාවට පණිවිඩයක්!

මීළග මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෝරා එවිය යුතු පිරිස ගැන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජනතාවට පණිවිඩයක් ලබා දෙනවා.

ඒ ඊයේ (05) දින පැවැති මාධ්‍ය ප්‍රධානීන් හා සිදුවු හමුවේදීය.

එහිදී මාධ්‍යවේදීන් විසින් දේශපාලන වේදිකාවේ කතාබහට ලක්ව ඇති ‘ගෝඨා – සජිත්’ සුසංයෝගය පිළිබඳ අදහස් විමසූවා.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ තමන්ගේ ප්‍රතිපත්ති ඇත්තේ තම පක්ෂය තුළ බවත්, අසාර්ථක ප්‍රතිපත්ති පැවැති පිරිසක් සමග ගමන් කළ නොහැකි බවත්ය.

“මට අවශ්‍ය මගේ රජයක්. මගේ ප්‍රතිපත්ති තිබෙන්නේ අපේ පක්ෂයේ. ඒ ප්‍රතිපත්ති මාලාව අරගෙන යන්නේ අපේ අය. ඒකීය රාජ්‍යයක් නොවන, ජාතිකවාදී නොවන, ස්වෛරීත්වය හා නිදහස, ආර්ථිකය ගැන අවබෝධයකින් තොරව අසාර්ථක ප්‍රතිපත්ති තිබුණ පිරිසක් සමග මට ගමන් කරන්න බෑ. මගේ ප්‍රතිපත්ති හා සමාන අය අවශ්‍යයි.”

රජයේ ඇතැම් ප්‍රධාන තනතුරු සඳහා හමුදා නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දුන් ජනාධිපතිවරයා,

“මම පත්කරලා තිබුණ ප්‍රමාණයටත් වඩා ගිය ආණ්ඩුව හමුදා නිලධාරීන් රජයේ හා සංස්ථාවල තනතුරුවලට පත්කරලා තිබුණා. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ. හමුදා නිලධාරියෙක් පරිපාලයට පත් කළාම තියන වැරැද්ද මොකක්ද?

හමුදා නිලධාරියෙක් විශාල පුහුණුවක් ලබනවා. ජනරාල් කෙනෙක් වෙනකොට අතිවිශාල පුහුණුවක් ලබනවා. ලෝකෙ පුරා අත්දැකීම් ලබා ගන්නවා. ඔවුන් පරිපාලනයට සූදානම් වෙලා ඉන්නේ. ලෝකේ හැම රටකම එහෙමයි. ඇයි එහෙනම් අපට බැරි. අපි කරද්දි ඇයි මේක අහන්නේ. මේවා දේශපාලනික කතා.” යනුවෙන්ද ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button