BREAKING NEWSEXCLUSIVE

ජනපතිගේ අණක් – බිග් මැච් අතරේ මහපාරේ නාඩගම් නැටුවොත් අත්අඩංගුවට

පාසල් ක‍්‍රිකට් මහා තරග පැවැත්වෙන කාලසීමාවේ මත්පැන් පානය කර මහමග ජනතාවට හිරිහැරයක් වන ආකාරයෙන් හැසිරෙන පාසල් සිසුන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් ලබා දී තිබේ.

එලෙසට යම් පාසලක සිසුන් හැසිරෙන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්නැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“මේ දවස්වල පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක‍්‍රිකට් තරග උණුසුම ආරම්භ වෙලා. මේ කාලයේ දී පාසල් දරුවන් මහමගදී විනෝද වෙනවා. තවත් සමහර අය ලොරිවල ගමන් කරමින් විනෝද වෙනවා.

තවත් සමහර දෙනා මත්පැන් පානය කර අන් අයට හිරිහැරයක් වන ආකාරයට හැසිරෙනවා. මත්පැන් පානය කරලා මේ වැඬේ නම් කරන්න එපා කියලා දරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා. විනෝද වුණාට කමක් නැහැ. හැබැයි මහමග ඉන්න අයට කරදරයක් නොවන ආකාරයට.

ඒ වගේම මත්පැන් පානය කරලා වාහනවල නැගලා යන්න එපා කියලා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද වාහනයෙන් වැටිලා අනතුරක් වෙන්න පුළුවන්.

ඒ වගේම ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා මත්පැන් පානය කරලා යම්කිසි පිරිසක් ඔබට හිරිහැරයක් වන විදිහට හැසිරෙනවා නම් ළඟම ඇති පොලිසියට කියන්න කියා. එහෙම පැමිණිලි ආවොත් ඒ අයට එරෙහිව නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරනවා.” යනුවෙන් ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button