BREAKING NEWSEXCLUSIVE

අසර්බයිජානයේ දරුවන් තිදෙනෙක් මිය යාමත් සමග ජනපති ගෝඨාභයගෙන් තද තීරණයක්

මෙරට සිසු දරුවන් විදේශ විශ්වවිද්‍යාලවලට යවන ආයතන නියාමනය කිරීමට නව රජය දැඩි තීරණයකට එළඹ තිබෙනවා. ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනකු අසර්බයිජානයේ සරසවියකදී මරණයට පත්වීමෙන් පසුව රජය මෙම තීරණයට එළඹ තිබෙනා බව වාර්තා වනවා.

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනද මේ බව තහවුරු කර තිබේ. ඒ මියගොස් ඇති සිසුවියන් දෙදෙනකුගේ පිළියන්දල පිහිටි නිවසට ඊයේ (12) ගිය අවස්ථාවේදීය.

එම ආයතන නියාමනය කරන අතරම උසස් පෙළ සමත් වන සියලුදෙනාට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම අරමුණ යැයිද ඒ අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

තවද විදේශ විශ්වවිද්‍යාලයන්හිදී සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් වන පැමිණිලි තමන් භාර ගන්නා බවද මීට පෙර එම අකටයුතුකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ කිසිවෙක් නොසිටි බවත් පසුගියදා (11 ) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button