BREAKING NEWSEXCLUSIVE

රට සංවර්ධනය කිරීමට වැදගත් ආයෝජන ගෙනෙද්දී නිළධාරීන්, සමාජ මාධ්‍ය විරුද්ධ වෙන්න එපා – ජනපති ගෝඨාභය පහදයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට කඩා වැටෙමින් පවතින බව ප්‍රසිද්ධ රහසකි. පසුගිය සමයේ ශ්‍රී ලංකාවට විදෙස් ආයෝජන නොපැමිණීම එයට ප්‍රධාන හේතුවකි.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන ඇරඹීමේදි විවිධ සංවිධාන විසින් සිදු කරන උද්ඝෝෂණ හා ව්‍යාපෘති ආරම්භ කිරීමට පසුව විවිධ දේශපාලන පක්ෂ එකතුව සිදු කරන වැඩ වර්ජන නිසා බොහෝ ආයෝජකයන් ශ්‍රී ලංකාව අතහැර සිංගප්පූරුව වැනි රටකට යොමුවේ. මේ හේතුවෙන් සිංගප්පූරුවේ ආර්ථිකය තව තවත් සංවර්ධනය වී පවතින අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටෙමින් තිබේ.

තවද සම්පූර්ණ චිත්‍රයම නොබලා ඇතැම් පිරිස් සමාජජාලා මාධ්‍ය පරිශීලකයන් නොමග යවා මෙම ආයෝජන ව්‍යාපෘති වලට එරෙහිව ජනතාව උසි ගැන්වීමද සිදු කරයි. එවිට ශ්‍රී ලංකාවේ බොහෝ සමාජජාලා මාධ්‍ය පරිශීලකයන් සම්පූර්ණ චිත්‍රය නොදැනුවත්වම රැල්ලට විරෝධයක් පෑමද සිදුවේ.

බොහෝ ආයෝජකයන් ආයෝජනය සිදුකරනා රටේ ජනතාවගේ ආයෝජන පිළිබඳ අදහස් ඉතා ඉහළින් සළකා බලන අතර එවැනි විරෝධයක් දුටු සැණින් ඔවුන් සිය ආයෝජනය එම රටෙන් ඉවත් කරගනියි.

මේ තත්ත්වය පිළිබඳ අමාත්‍යවරුන් හා නිළධාරීන් අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊයේ දින අදහස් දැක්වූවා.

එහිදි ජනපතිවරයා ප්‍රකාශ කළේ

“ප්‍රශ්නේ තියෙන්නේ මොකක් හරි වැදගත් දෙයක් කරන්න ගියාම තමයි පරිසරය බලපාන්නේ, හොරෙන් කරන ඒවට පරිසරයේ කිසිම බලපෑමක් නෑ, මෙතන තමයි මේකේ වැරැද්ද තියෙන්නේ දැන් බලන්න පහත්බිම් ගොඩ කරලා තියෙන තියෙන තරම් පසුගිය පස් අවුරුද්දේ පලාතම ගොඩ කරලා. හැබැයි කවුරුත් කතා කරන්නෙත් නෑ, නිළධාරීන් කතා කරන්නේත් නෑ, සෝෂල් මීඩියා කතා කරන්නේත් නෑ, කිසිම දෙයක් නෑ. හැබැයි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම තමයි මේ පරිසරය එන්නේ, එතකොට ප්‍රොජෙක්ට් එක කරන්නත් නෑ, අර පැත්තෙන් පරිසරයත් විනාශ වෙනවා. මම කියන්නේ මේ පරිසරය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්, හැබැයි මේක ඇප්ලයි වෙන්න ඕන හරි විදියට” යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button