BREAKING NEWSEXCLUSIVEPOLITICS

රාජ්‍ය සේවකයින්ගේ වගකීම ගැන ජනපති මතක් කර දෙයි..!

රාජ්‍ය සේවකයින්ගේ වගකීම ඇත්තේ ආණ්ඩුව නොවන බවත්, එම වගකීම ඇත්තේ ජනතාව වෙනුවෙන් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

අද අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ අද (09දා) පැවැති පොදුජන පෙරමුණ විසින් සංවිධානය කල පොදුජන රැලිය අමතමින් ඔහු මේ බව සදහන් කලා.

“එදා මේ බිමේ ඉඳලාම මගේ පළවෙනි මැතිවරණ රැස්වීමේදි ජන හමුවෙදි මම තමුන්නාන්සේලාට පොරොන්දු වුනා පොහොර නොමිලේ දෙනවා, වී වල සහතික මිල වැඩි කරනවා කියලා මගේ පලවෙනි රාජකාරිය වුනේ එය බව තමුන්නාන්සේලාට මතක් කරන්න ඕනේ. මම අද කියනවා පොහොර නැතිව හරි පොහොර එක්ක හරි ගොවි ජනතාවගේ ආදායම සියයට සියකින් වැඩි කරනවා කියන පොරොන්දුව මේ අවස්ථාවේදි තමුන්නාන්සේලාට මම දෙනවා.

තමුන්නාන්සේලාට ඕන පොහොර දුන්නා, තමුන්නාන්සේලාට ඕන සහතික මුදල දුන්නා. මම පොරොන්දු වුනා තමුන්නාන්සේලාගෙන් උදුර ගත්ත ඉඩම් ටික නැවත ලබා දෙනවා කියලා මම ඒක ලබා දුන්නා. ගොවි ජනතාව වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරන්නට කැපවෙලා ඉන්නවයි කියන එක මම මේ අවස්ථාවේ සහතික වෙනවා තමුන්නාන්සේලාට,

එදා අවුරුදු පහක් පාලනය කරපු අය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අය අද ජනාධිපති සිහින මවලා ගොවියව රවට්ටලා මේ රට අගාදයට ගෙනියන්න ලෑස්ති වෙනවා. පසුගිය අවුරුදු 5 මොකද කළේ. අන්තිමට බෝම්බ ගහලා නැවතුනේ.

අවුරුදු ගණන් ඇමතිවරු වෙලා හිටිය සමහරු අවුරුදු 15ක් එක දිගට ඇමතිකම් කරපු අය අද එක එක බලවේග හදාගෙන ජනතාව අතරට ඇවිල්ලා, වෘත්තිකයන් එක්ක සම්මන්ත්‍රණ වලට ඇවිල්ලා බොරු කතා කරනවා. ඒ අය ඒ අය අවුරුදු 15ක් බලගතු ඇමතිවරු වෙලා හිටියා මොනවාද කලේ. මාත් සමග එකතුවන්න. විශ්වාසය තබන්න. නැවතත් අපිට රට වහන්නට ඉඩ තියන්න එපා. එන්නත් ලබාගන්න.

මම වැඩවර්ජන කරන අයගෙන් ඉල්ලනවා.ජනතාව දිහා බලන්න. රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා ඔබේ වගකීම තියන්නේ ආණ්ඩුවට නෙමෙයි ඔබේ වගකීම තියන්නේ ජනතාව වෙනුවෙන් මම රාජ්‍ය සේවකයින්ට කියන්න කැමතියි මේ අවුරුදු තුන ඇතුලත මම අනිවාර්යයෙන්ම සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button