BREAKING NEWSEXCLUSIVEGOSSIP NEWSPOLITICSVIRAL NEWS

අගමැතිගේ විරෝධය නොතකා ජනපති මහබැංකු අධිපතිවරයාගේ පත්වීම ස්ථීර කරයි.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන විරෝධය නොතකා ඒ මහතාගේ පත්වීම ස්ථිර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කොට ඇති බව වාර්තාවනවා.

මේ වනවිට අගමැතිවරයා මහබැංකු අධිපතිවරයාගේ පත්වීම ස්ථිර කිරීමේ ලිපියට අස්සන් කළ යුතුව තිබුණද මෙතෙක් ඊට අස්සන් කර නොමැති බවද දැනගන්නට ඇත.

ඒ අනුව ඊයේ පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහබැංකු අධිපතිවරයාගේ පත්වීම ස්ථිර කළ යුතු බවට ‌ඉදිරිපත් වූ යෝජනාව ඒකමතිකව සම්මත කිරීමට පියවර ගෙන තිබේ.

එම යෝජනා සම්මතයෙන් පසු ජනාධිපතිවරයා තීරණය කොට ඇත්තේ මහබැංකු අධිපතිවරයාගේ සේවය තවදුරටත් ලබා ගැනීමටය.

මීට අමතරව නව මුදල් අමාත්‍යවරයකු පත් කිරීමටද ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත. ජනාධිපතිවරයාගේ සැලසුම වී ඇත්තේ අලි ස්‍රබි මහතා යළි මුදල් ඇමැතිවරයා ලෙස පත්කිරීමටය.

ඊට හේතු වී ඇත්තේ මුදල් ඇමැතිවරයා වශයෙන් අගමැතිවරයා හා මහබැංකු අධිපති අතර මතුවී ඇති ගැටුමත්, මුදල් අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දැඩි අසාර්ථකත්වයක් පෙන්නුම් කිරීමත්ය.

අනෙක් අතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භ කර ඇති සාකච්ජා සාර්ථක කරගැනීමට නම් එය ආරම්භ කළ පිරිස ඉදිරියටත් සිටිය යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත.

අදාළ සාකච්ජා ආරම්භ ‌කළේ එවකට මුදල් ඇමැතිව සිටි අලි සබ්‍රි මහතාත්, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාත්, මුදල් අමාත්‍යංශ ලේකම් සිරිවර්ධන මහතාත්ය.

ඒ අනුව ජනාධිපතිවරයා නැවත වතාවක් අලි සබ්‍රි මහතාට මේ බව දැනුම් දීමෙන් පසුව මුදල් අමාත්‍ය ධූරය යළි බාර ගැනීමට සබ්‍රි මහතා එකගතාව පළ කොට ඇත.

එසේ වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිපත්ති සැලසුම් වැනි විෂයයක් බාර දීමටද ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button