BREAKING NEWSEXCLUSIVEPOLITICS

මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතන හිමිකාරයන්ට ඕන විදිහට අසත්‍ය ප්‍රචාර ගෙනියන එක නෙමෙයි. මඩ ගහන්න ආවොත් කරන්න ඕන දේත් මම දන්නවා.

ගම සමඟ පිළිසදර 15 වෙනි අදියරට එක් වෙමින් පරිසර විනාශයක් වනබවට ඇතැම් මාධ්‍ය ගෙනයන ප්‍රචාර ගැන අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ,

“පුදුම මාධ්‍ය කට්ටියනේ ඉන්නේ. මාධ්‍ය ආයතන. දැන් මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති කෙනාගේ නිදහස නෙමෙයි නේ. ඒක මාෆියාවක්. මාධ්‍ය ආයතනයට අවශ්‍ය විදිහට රට දුවන්න හදනවනම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ මහරාජාලත් නැහැ. මහරාජලා හිටියේ ඉන්දියාවේ. මෙහෙ රජයවල් පාලකයා පාලනය කරන්න හදනවා. ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා පාඩම් උගන්වන්න ඕනේ නම් ඒවා කරන්න. මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. ” යනුවෙනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,”මම මාස 14ක් රට පාලනය කළා. මම කිසිම මාධ්‍ය ආයතනයක් පාලනය කරන්න ගියේ නැහැ. හැබැයි ඒ අය මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකට නීති තියෙනවා, කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම ඒ නීති ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරනවා. මට මාස 60කටයි බලය දීලා තියෙන්නේ,තවම මාස 14යි ගිහින් තියෙන්නේ, මාස 60ක් කරන වැඩ බලලා ජනතාව තීරණය කරයි මම ඊලග පාර තරඟ කරනවද නැද්ද කියලා. යනුවෙන්ද දැඩිව ප්‍රකාශ කර සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button