BREAKING NEWSEXCLUSIVE

රජයේ රෝහල්වල ලියාපදිංචි රෝගීන්ට බෙහෙත් වට්ටෝරු නිවසටම..

රජයේ රෝහල්වල සායනික සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට බෙහෙත් වට්ටෝරු නිවසටම ලබාදීමේ වැඩ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක වනවා.

සංචරණ සීමා හමුවේ රෝහල්වල පැවැත්වෙන සායන සඳහා සහභාගි වීමට නොහැකි රෝගීන් ගේ පහසුව සදහා සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යාංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධවව මෙම වැඩ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට මාස දෙකක් සඳහා අවශ්‍ය බෙහෙත් වට්ටෝරු වෙන වෙනම පාර්සල් කර තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසටම ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

රෝගීන් ලියාපදිංචි කිරීමේ දී රෝහල වෙත ලබාදී ඇති ලිපිනයට මෙම බෙහෙත් වට්ටෝරු බෙදා හරින බැවින් ලියාපදිංචිය ලබා දී ඇති ලිපිනය වෙනස් වී ඇත්නම් ඒ පිළිබඳව අදාල රෝහල දැනුවත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝගීන්ට දැනුම් දෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 072 0 720 720 හෝ 072 0 606 060 දුරකථන අංකය ඔස්සේ ලබාගත් හැක.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button