BREAKING NEWSEXCLUSIVEPOLITICSSOCIAL MEDIA PICKS

වැසි නොලැබීම නිසා විදුලි කප්පාදුව මැයි මාසය දක්වා. – ජනක රත්නායක

අප්‍රේල් මාසය වනවිට විදුලි කප්පාදුව අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද විදුලි කප්පාදුව මැයි මාසය දක්වා බලපැවැත්වෙනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරනවා.

ජල විදුලිය දිනෙන් දිනම අවම වීම ඊට හේතුව බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ.

විදුලි නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබුණද දිනෙන් දිනම විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජල ධාරිතාවය දිනෙන් දිනම අවම වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජාතික විදුලි ධාරිතාවය සම්පූර්ණ කිරීමේ අර්බුදයකට විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටීනවා

මේ නිසා එළඹෙන අවුරුදු උත්සවය සැමරීමද අඳුරේ සිටිමින් සිදු කිරීමට ජනතාවට සිදුවන බව ජනක රත්නායක මහතා ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් අවම වශයෙන් අලුත් අවුරුදු දින දෙක තුළදී හෝ කප්පාදුවකින් තොරව විදුලි සැයපුම ලබාදීමට සියලු උත්සාහයන් ගන්නා බවද ඔහු සදහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button