BREAKING NEWSEXCLUSIVE

විදුලි කප්පාදුව තවදුරටත්…

මේ දිනවල සිදුකරනු ලබන විදුලි කප්පාදුව අද සහ හෙට දිනයේදී ක්‍රියාත්මක කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් දෙකක උත්පාදන කටයුතු මේවන විට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිව ඇති අතර තෙවන විදුලි ජනන යන්ත්‍රය නැවත ක්‍රියාත්මක කර ගැනීම සඳහා තවත් දින 02ක කාලයක් ගත වෙනු ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ.

ඉකුත් සිකුරාදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ විදුලි ජනනය කිරීම ද ඇන හිටිනු ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button