ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNSSOCIAL MEDIA PICKS

අද දකුණු පළාතට පැය 03 ක් අනෙක් පළාත්වලට පැයක් විදුලිය කපයි!

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට අනුව අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව හෙට දිනයේදී දකුණු පළාත හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පෙරවරු 8.30 – පස්වරු 7.30 අතරතුර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

මීට අමතරව දකුණු පළාතේ ජනතාවට පමණක් පෙරවරු 8.30 – පස්වරු 4.30 අතරතුර කාලයේදී පැය 03 ක විදුලි කප්පාදුවක් සඳහා මුහුණදීමට සිදුවනු ඇත. දකුණු පළාත සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ එම පළාතට විදුලිය සපයන ජලාශ කිහිපයක ජල මට්ටම අවම මට්ටමක් දක්වා පහත වැටීමයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button