BREAKING NEWSEXCLUSIVE

පොදු ප්‍රවාහන සේවා ආරම්භය කල් යයි ?

කොවිඩ් -19 රෝගය පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩිව හේතුවිය හැකි බව ඔහු සඳහන් කරයි.

“අපි හොඳටම දන්නවා මැදිහත්වීමකින් තොරව දුම්රිය හෝ බස්රථ ආරම්භකරලා සාමාන්‍යයෙන් නිදහසේ මහජනතාවට නිදහසේ ඒවා භාවිත කිරීමට අවස්ථාව ලබාදුන්නහොත්, අකමැත්තෙන් වුණත් කියන්න තියෙන්නේ ඒ තත්ත්වය රෝගය පැතිරීමට තුඩුදෙනවාමයි. හැකියාවක් තියෙනවානම් මේ ප්‍රවාහන සේවය ආරම්භ කළයුත්තේ රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ නැතුව. එසේ නොමැතිව යම් ආකාරයකට මෙවැනි ප්‍රවාහන ක්‍රමවේද ආරම්භ කරනවාට වඩා මේ මොතේ පවතින තත්ත්වය පවත්වාගෙන යාම වඩා උචිතයි.” යනුවෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

ජනතාවගේ නොසැලකිලිමත් හැසිරීම පිළිබඳව කණගාටුව පළකරන බව ද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button