BREAKING NEWSEXCLUSIVE
පෝස්ටර්, බැනර්, කටවුට් වලට එරෙහි නීතිය තදින් – මහින්ද දේශප්‍රිය

ජනපතිවරණයට ඉදිරිපත් වී තිබෙනා අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරනා බැනර්, පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය කරන පුද්ගලයන්ට එරෙහිව නාමයෝජනා භාර ගැනීමේ දිනයෙන් පසු නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති මහින්ද දේශපි‍්‍රය කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද අදහස් පළ කළා.
කෙසේ වෙතත් දිවයින පුරාම මේ වනවිටත් මැතිවරණ නීති පවා උල්ලංඝණය කරමින් පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කර තිබෙනා අයුරු මේ වනවිටත් දැක ගත හැකියි. ඇතැම් අපේක්ෂකයන් ඒ සදහා රජයේ ආයතන වල වාහන සහ රාජ්‍ය සේවකයන්ද යොදාගන්නා අයුරුද පසුගිය සමයේ දැකගත හැකි වූවා.
එවැනි අවස්තාවන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්,