BREAKING NEWSEXCLUSIVE

තැපැල් සේවා හෙට සිට සාමාන්‍යකරණය වෙයි

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තැපැල් සේවා සීමා සහිතව ක්‍රියාත්මක වූ අතර තැපැල් කාර්යාල විවෘතව තැබුණේ සතියට දින 4ක් පමණයි.

නමුත් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ තැපැල් සේවා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට සිට යළිත් තැපැල් කාර්යාලවල රාජකාරි කටයුතු යථා තත්වයට පත් කරන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button