BREAKING NEWSPOLITICS

යහපාලන ප‍්‍රබලයෙක් වරායේ ස්කෑන් යන්ත‍්‍රයෙන් මසකට ඩොලර් ලක්‍ෂ ගණනක් ගසා කාලා – සියල්ල හෙළිවේ

කොළඹ වරාය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වාර්ෂික විවධ ප්‍ර‍සංගය එම පරිශ්‍රයේදී පැවැත්විණ.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වරාය නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා සහභාගී වූයේය.

එහිදී සභාව ඇමතූ අමාත්‍යවරයා කොළඹ වරායේ ස්කෑනින් සිදුවීම සම්බන්ධව මෙසේ අදහස් ප්‍ර‍කාශ කළේය.

වරායේ ස්කෑනින් ප්‍ර‍ශ්නය ආවා. විශාල තදබදයක් තිබුණ නිසා තමයි මම ගිහින් බැලුවෙ. ස්කෑනින් කරන එක හොදයි. ස්කෑනින් කරන්න ඕනැ. හැබැයි ඒකට විධිමත් ක්‍ර‍ම වේදයක් තියෙනවා. එහෙම ප්‍ර‍මිතියෙන් යුතු වරායවල්වල තදබදයක් තියෙන්න බෑ. කන්ටේනර් සිය ගානක් පෝලිමේ. වරායේ දෛනික කටයුතු වලට බාධාවක් නොවෙන හැටියට ස්කෑන් කරන්න පුළුවන් නම් තමයි වඩාත්ම හොද. අද වරායේ ස්කෑනින් යන්ත්‍ර‍ පිළිබදව සිද්ධියේදී මට විශාල වශයෙන් ඇතැමුන් මඩ ප්‍ර‍හාර එල්ල කරනවා. මම ඒවා සතපහකට ගණන් ගන්නේ නෑ. මොකද මම හරි දේ කරන්න ආව පුද්ගලයෙක්. මම හැම වෙලාවෙම කරන්නෙ නිවැරදි දෙයයි. අද වැරුද්ද ඔප්පු වෙලා තියෙනවා.

මේ ස්කෑනින් යන්ත්‍ර‍ ව්‍යාපෘතිය පහුගිය යහපාලන ආණ්ඩුවෙන් පරම්පරා ගානක් ඩොලර් ලැබෙන විදිහට හදා ගත්ත ව්‍යාපෘතියක්. මට ආරංචි විදිහට ස්කෑනින් යන්ත්‍ර‍ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 30000ක් මුදල් ලබා දීලා තිබෙන්නෙත් මහ බැංකුවෙන්. පිටරටින් මේකට සල්ලි දීලා නෑ. වරායට බාධාවක් තදබදයක් නොවන විදිහට වරායට නියමිත ආදායමක් එන විදිහට මේ ස්කෑනින් කරන්න ඕනෙ. ඒ වගේම තද බදයක් ඇති නොවෙන විදිහට මේ විධිමත්ව ස්කෑන් පරීක්ෂාව සිදු කරන්නෙ කොහොමද කියලා හොයා බලන්න කියලා මම වරායේ බලධාරීන්ට දැනුම් දුන්නා.

එක කන්ටේනරයක් පරික්ෂාවට ඇ. ඩොලර් 12ක් අය කරනවා. ඒකෙන් ඩොලර් 02ක් රේගුවටයි. වරායට අවම වශයෙන් බදු මුදලවත් ගෙවලා නැහැ. ඉතිරි ඩොලර් දහයෙනුත් ඩොලර් 04ක් දේශපාලඥයෙකුට යනවා කියලා තමයි වාර්තා වෙන්නෙ. මේකෙන් වරායට සත පහක ආදායමක් ලැබෙන්නේ නෑ. මම මේ පිළිබදව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පැමිණිලි කෙරුවා. මේ ගනුදෙනුව පිටිපස සිටින සමාගම් ගැනත් පුද්ගලයන් ගැනත් අපි සොයා බැලිය යුතුයි.

– මාධ්‍ය ඒකකය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button