BREAKING NEWSEXCLUSIVE

“Port City” ජනතාව වෙනුවෙන් ලඟදීම විවෘත වෙයි

කොවිඩ් -19 සම්බන්ධ සීමාවන් ඉවත්කළ පසු කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය සහ වෙරළ තීරය මහ ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති බව වාර්තා වනවා.

කොළඹ වරාය නගරය හෙවත් “Port City” ව්‍යාපෘතියේ මුහුද ගොඩකිරීම් සහ අනෙකුත් මුලික කටයුතු 2014 වසරේ දී ආරම්භ වූ අතර මේ වනවිට එය ආරම්භ කර වසර 7ක් සම්පූර්ණ වී අවසන්.

අදාළ ව්‍යාපෘතියේ මූලික ගොඩකිරීම සහ අභ්‍යන්තර යටිතල පහසුකම් සඳහා සෘජු විදේශ ආයෝජනයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් වන අතර ඉදිරි වසර 25ක කාලය තුළ එම ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් බිලියන 15ක මුදලක් ආයෝජනයන් ආකර්ෂණය කරගනු ඇතැයි අපේක්ෂා කරනවා.

එමෙන්ම එම කාලය තුළ කොළඹ නගරය තවදුරටත් පරිවර්තනයට ලක්කරමින් එය ලොව විශිෂ්ටම නගර අතරින් එකක් බවට පත්කිරීම එම ව්‍යාපෘතියේ අපේක්ෂාව බව ව්‍යාපෘතිය භාර සමාගම පවසනවා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු චීන රජය සතු සමාගමක් වන “චයිනා හාබර් ඉංජිනියරින් සමාගම” මගින් සිදුකරනු ලබනවා.

ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව චයිනා හාබර් ඉංජිනියරින් සමාගම සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් පිඑල්සී පසුගිය වසරේදී නිවේදනය කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button