BREAKING NEWSEXCLUSIVE
ආශිර්වාද ඉල්ලූ කාන්තාවට ප්‍රහාරයක් – පාප්තුමාගේ ක්‍රියාව දැඩි ආන්දෝලනයට.! (VIDEO)

සුදු ලෝගුවට මුවා වූ යක්ෂයින් දෙවියන් සේ පූජාසනයේ වැජඹුනත් සැබෑ සත්‍යය හෙළි වන්නට ගත වන්නේ ක්ෂණයකි. 2020 වසර උදාවෙද්දීම ඒ පිළිබඳ පාඩමක් ලෝ වැස්සන්ට ඉගැන්වීය.
ලෝකවාසි කිතුණුවන්ගේ නායකයා ලෙස සැළකෙන ෆ්‍රැන්සිස් පාප්තුමන් සිදු කළ ක්‍රියාවක් මුලු ලෝකයම කම්පාවට පත් කර තිබේ.
ශාන්ත පීතර චතුරස්රයේදී සුපුරුදු පරිදි දරුවන් සහ කිතුණු බැතිමතුන්ට නව වසරට ආශිර්වාද කරමින් සිටි පාප්තුමන් ඔහුගේ ආශිර්වාදය ඉල්ලා සිටි කාන්තාවකට පහර දෙන වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රචාරය වෙමින් තිබේ.
මෙම වීඩියෝව දැඩි ලෙස ආන්දෝලනයට ලක්ව තිබෙනා අතර ජාත්‍යන්තර මාධ්‍යයේ ප්‍රධාන පුවතද වී තිබේ.
මේ අතර මේ වනවිට සිදු වූ වරදට වතිකානුවේ සිට පාප්තුමන් සමාව ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් මෙම ක්‍රියාව ජාත්‍යන්තර මාධ්‍යයේ මෙන්ම සමාජජාලා මාධ්‍යයන්ගේද දැඩි ලෙස විවේචනය වී තිබීම විශේෂත්වයකි.