BREAKING NEWSEXCLUSIVE

“පාස්කු ප්‍රහාරය සමයේ පොලිස්පති – මහේෂ් සේනානායකගේ සුදුසුකම එලෙසම” පූජිත ජයසුන්දරත් ජනපතිවරණයට ?

පාස්කු ප්‍රහාරය සමයේ මෙරට පොලීසියට අණ දුන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මෙවර ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ සුදානමක් පවතින බව වාර්තා වෙනවා.

ඒ මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂයකින් සිය පක්ෂයේ අපේක්ෂකයා වී මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන්නැයි ඒ මහතාට ලැබුණු ඉල්ලීමක් අනුවයි.

පාස්කු ප්‍රහාරය සමයේ මෙරට යුද හමුදාපති ලෙස කටයුතු කළ මහේෂ් සේනානායක ජනපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසු මෙම යෝජනාව පූජිත ජයසුන්දර මහතාට ලැබී තිබේ.

මහේෂ් සේනානායකට ජනපතිවරණයට ඉදිරිපත් වීමේ මූලීක සුදුසුකම වී ඇත්තේ පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීම නිසා, පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත ජයසුන්දර මහතාට එම සුදුසුකමම පවතින බවත් එම පක්ෂය පෙන්වා දී තිබේ.

මේ අනුව පූජිත ජයසුන්දර මහතා ජනපතිවරණයට ඉදිරිපත් වනවා නම් ඒ මහතාගේ ඇප මුදල් තැන්පත් කිරීම අද උදෑසනත්, මාධ්‍ය සාකච්ඡාව අද පස්වරුවේත් පැවැත්වීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button