BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාස්කු ප්‍රහාරයට අදාල සියළුම චෝදනා වලින් පූජිත ජයසුන්දර නිදොස්කොට නිදහස්..!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව එල්ල වී තිබූ සියලූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා.

හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මීට පෙර ඒකමතිකව නියෝග කර තිබූ අතර, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පාස්කු ප්‍රහාරයේ නඩුවෙන් සාක්ෂි විමසීමකින් තොරව නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ස්ථිර මහාධිකරණය සිකුරාදා (18) රැස්වුනා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැනීම හේතුවෙන් සාපරාධී රාජකාරි පැහැර හැරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා ප්‍රනාන්දු සහ ජයසුන්දර මහත්වරුන්ට ​​එරෙහිව මෙම නඩු පවරා තිබුනා.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂාදීන් යන විනිසුරුවරුන් හමුවේ මෙම නඩු කැඳවනු ලැබීය. පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව වෙන් වෙන්ව සාපරාධී නොසැලකිලිමත්කම/ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා 855ක් ගොනු කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button