GOSSIP NEWSVIRAL NEWS

නිකවැරටියේ දැරියට පහර දුන් සිදුවීම – පැමිණිල්ල භාර නොගත් පොලිස් නිළධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම්.!

නිකවැරටිය, ගනේගොඩ යාපලාන ප්‍රදේශයේ දැරියකට කාන්තාවන් දෙදෙනෙකු දරුණු ලෙස පහර දෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීමත් සමඟ ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා.

ඒ අනුව එලෙස දහතුන් වියැති දැරියකට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනියක්, දැරියගේ පියා සහ ගැබිණි සුලු මව පොලිස් අත්අඩංගුවට ගත්තා.

මේ අතර මෙම දැරියට පහර දීමේ දර්ශන මාධ්‍යයෙන් ප්‍රචාරය වීමට ප්‍රථම ඒ පිළිබඳ පොලීසියට සිදු කළ පැමිණිල්ල පොලීසිය විසින් භාර ගෙන තිබුනේ නැහැ.

එලෙසට එම සිද්ධියට අදාළ පැමිණිලිල්ල භාර නොගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

මේ අනුව පැමිණිල්ල බාර නොගත් නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහිම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මෙසේ අත්හිටුවා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button