BREAKING NEWSEXCLUSIVE

පැනගිය කොවිඩ් රෝගියෙක් සෙවීමට පොලීසිය මහජන සහය පතයි

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයෙකු ඊයේ (26) දිනයේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් පළාගොස් ඇති බව වාර්තා වනවා.

මොහු ඊයේ සවස් කාලයේදී රෝහලෙන් පළාගොස් ඇති අතර අදාල පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිකාස් නැමති අයෙකු බව හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.

ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් තිබේ නම් 0718591579 දරන කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button