BREAKING NEWSEXCLUSIVE

කොළඹ නගරය තුළ එන්නත් ලබා නොගත් අය සොයා පොලිසියෙන් රැගෙනයයි.

කොළඹ නගරය තුළ ජීවත් වන වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සදහා කොවිඩ් එන්නත් ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක් අද සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ පිළිබද වැඩිදුර අදහස් දැක්වූ අජිත් රෝහණ මහතා,

“කොළඹ නගරය තුළ තවමත් කොවිඩ් වෛරසයට අදාල එන්නත එකම මාතාවක් වත් ලබා නොගත් පිරිස් සිටින බවට වාර්තා වී තිබෙනවා. මේ නිසාම ඊයේ දිනයේදීද විශේෂ උපදෙසක් අතිගරු ජනාධිපතිතුමා විසින් ද ලබාදෙනු ලැබුවා.කොවිඩ් වෛරසයට අදාල එන්නත එකම මාතාවක් වත් ලබා නොගත් පිරිස සම්බන්ධයෙන් එන්නත් ලබාදීමේ වැඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රජා පොලිස් කමිටු මගින් කොළඹ නගරය තුල එකම මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයින් සොයා ගොස් ඔවුන්ට එන්නත්කරන වැඩපිළිවෙළක් සෞඛ්‍ය බලධාරීන් ඒ වගේම කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරුන් සමඟ ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට එවැනි පිරිස් රැගෙනවිත් එන්නත් ලබාදීමේ වැඩ වැඩපිළිවෙළක් මේ වන විට අද දිනයේ දී ආරම්භ කර තිබෙනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button